Dear X (2025)
Dear X යනු සුන්දරත්වය පිටුපස සැඟවුණු අඳුරු සත්‍යයන් විමසුමට ලක් කරන, කොරියානු නාට්‍යයකි.මෙහි ප්‍රදාන චරිතය Baek Ah-jin වන අතර ඇයගේ ජීවිතය කතාව තුලින් විවර වෙයි .
Baek A Jin (Kim You Jung) කියන්නේ korea වල ජනප්‍රිය ලස්සන නිලියක් .ඇගේ ළමා කාලය පවුල් ප්‍රචණ්ඩත්වයෙන් හැඩි වුවද , ජීවිතය ජය ගැනීමට, ජනප්‍රියත්වය ලබා ගැනීමට සහ කාගේත් සිත් දිනා ගැනීමට ඇයට හැකිවිය . නමුත් ඇයගේ සිනහව පසුපස සැඟවෙන්නේ අඳුරු අතීතයක් සහ හැඟීම් ගොන්නකි .ඇය තම චමත්කාරය සහ බුද්ධිය භාවිතා කරමින් ඇය වටා සිටින අය පාලනය කරයි, අහිංසකත්වයේ වෙස් මුහුණක් පිටුපස ඇගේ සැබෑ ආත්මය සඟවයි.
ඇයගේ ළමා මිතුරා යූන් ජුන්-සෝ (Kim Young-dae) – ඇය වෙනුවෙන් සියල්ලක් කරන්නට සූදානම් වූ පුද්ගලයෙකි. නමුත්, ඇයගේ සත්‍යය හෙළිවෙන්නට පටන් ගන්නා විට, ඇය ගොඩනඟා ඇති ලෝකය කඩා වැටෙයි.යූන් ජුන්-සෝ ද ඇයට විරුද්ධ වෙයි . ඔහු ඇයට විරුද්ධ වෙන්න තරම් හේතුව කුමක් වෙයි ද ?
ආදරය, විශ්වාසය, සහ වංචාව අතර සටනක් මෙහි පවතින නිසාම සුපිරියක් කියල හිතෙනවා .
Genre: Thriller, Romance, Crime, Melodrama
Episodes: 12
Original Network: TVING
Air Dates: November 6, 2025 – Present
Main Cast:
- Kim Yoo-jung as Baek Ah-jin
- Kim Young-dae as Yoon Jun-seo
- Kim Do-hoon, Lee Yul-eum in supporting roles
Director: Lee Eung-bok, Park So-hyun
Based on: Naver Webtoon Dear X by Vanziun
Written by: Vanziun & Choi Ja-won
මේක මේ දවස් වල trending ලිස්ට් එකේ උඩින්ම ඉන්න සමත් වෙලා තියේ .
Ratings Summary:
- IMDb: ★ 8.5/10
- MyDramaList: ★ 8.5/10 , at this time.
Comments
Post a Comment